අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 51 වයස්වල පසුවන මාළිගාවත්ත හා ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචි කොහුවල හා බත්තරමුල්ල ප්‍රදේශවල පිහිටි ස්ටුඩියෝ ආයතන දෙකක හිමිකරුවන් දෙදෙනෙකු වේ.
මෙම සැකකරුවන් විසින් දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෝරාලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මා නැමති අයගේ ඡායාරූපය වට්ස්ස්ඇප් මගින් ලබා ගෙන එය සංස්කරණය කර විදේශ ගමන් බලපත්‍ර සැකසීම සඳහා ව්‍යාජ ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවට අනාවරණය වී ඇත.
ඉහත සංවිධානාත්මක අපරාධකරු විසින් 2014 වර්ෂයේ ලබා ගෙන තිබූ විදේශ ගමන් බලපත්‍රයකින් 2021 වර්ෂයේ විදේශ ගතව ඇති බවත් එම ගමන් බලපත්‍රය 2024 වර්ෂයේ කල් ඉකුත්වීම මත ඔහු විදේශ ගතව සිටියදීම ඔහුගේ ඡායාරූපය හා තොරතුරු ව්‍යාජ ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කර එක්දින සේවාව මගින් 2024 වර්ෂයේදී වංචනික ලෙස නව විදේශ ගමන් බලපත්‍රයක්ද, ඔහුගේ ඡායාරූප ඇතුලත් කර වෙනත් නම් දෙකකින් 2025 වර්ෂයේදී ව්‍යාජ ලෙස තවත් විදේශ ගමන් බලපත්‍ර දෙකක්ද ලබා ගෙන ඇති බවට දැනට සිදු කරන ලද විර්මශන වලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා 2025.05.23 වන දින කොළඹ ගරු ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2025.05.29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
තැනැත්තන් වෙළදාම, ජාවාරම් විර්මශන හා සමුද්‍රීය අපරාධ විර්මශන ඒකකය මගින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
