news
top story
සියඹලාණ්ඩුව කොටියාගල කැබිලිත්ත රක්ෂිතයේ අනවසරයෙන් වගා කටයුතු කරන ලද ගොවීන් හට නිසි පරිදි මැනුම් කර නීත්‍යානුකූල ඉඩම් පවරා දීමට කඩුනමින් කටයටුතු කරන ලෙස මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ රැස්වීමකදී මොනරාගල දිසාපති ඒ.ජී නිශාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.මෙම රැස්වීම මොනරාගල දිස්ත්‍රික් පා.ම අජිත් ශාන්ත අගලකඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කැබිලිත්ත රක්ෂිතයේ අනවසරයෙන් වගා කල ගොවීන්ට එම ඉඩම් පවරා දෙයි..
political
top story
ජනාධිපති අනුර දිසානායක විදේශ තානාපතිවරුන් කැඳවා රට වැටී ඇති ආගාධය ගැන ප්‍රකාශ කරන විට ඒ රටවල් සිය රට වැසියන් ලංකාවේ සංචාරය සඳහා එවනු ඇතිදැයි සර්වජන බලය නායක, ව්‍යවසායක දිලිත් ජයවීර විමසයි.
ජනාධිපතිවරයාට ව්‍යවසායකත්ව මනසක් තිබිණි නම් මෙම ප්‍රශ්න රහසේ විසඳාගනු විනා ලෝක ප්‍රසිද්ධ කිරීමට කටයුතු නොකරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
ජනාධිපතිගේ කතා ඇහුවම හිඟන පාතාල සුද්දෙක් මිසක් වැදගත් මිනිහෙක් රටට එන්නේ නෑ...
ජනාධිපතිවරයාට ව්‍යවසායකත්ව මනසක් තිබිණි නම් මෙම ප්‍රශ්න රහසේ විසඳාගනු විනා ලෝක ප්‍රසිද්ධ කිරීමට කටයුතු නොකරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
news
top story
එප්පාවල කටියාව යායදහය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිට අයත් හෝටලය පිටුපස වළ දමා තිබූ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකකට ආසන්න වන අතර, එහි වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බව පොලිසිය සඳහන් කළේය.
වැඩිදුර විමර්ශනවලදී විදුහල්පතිවරයා පාපෝච්චාරණය කර ඇත්තේ, ඩුබායිහි රැඳී සිටින ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු (ෂශී) විසින් කොස්ගොඩ සුජී නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සබඳතා පවත්වමින් සිය පුත්‍රයා සමඟ මෙම හෙරොයින් ජාවාරම සිදු කර ඇති බවයි.
කුඩු විදුහල්පති වමාරයි.. ඩුබායි පාතාලය හා සබදකම් එක දිගට එලියට..
වැඩිදුර විමර්ශනවලදී විදුහල්පතිවරයා පාපෝච්චාරණය කර ඇත්තේ, ඩුබායිහි රැඳී සිටින ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු (ෂශී) විසින් කොස්ගොඩ සුජී නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සබඳතා පවත්වමින් සිය පුත්‍රයා සමඟ මෙම හෙරොයින් ජාවාරම සිදු කර ඇති බවයි.
political
top story
"බන්ධනාගාරය යනු දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත් විය යුතුයි. ජාතියට මාරාන්තික බලවේග දෙකක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරනවා" යයි අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට එක්වු 104 – B ආධුනික පුහුණු ඛණ්ඩයේ බන්ධනාගාර හා නිලධාරීනියන් 177 දෙනෙකු විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගුණකොගපැලැස්ස බන්ධනාගාරයේදී සහභාගි වෙමිනි.
බන්ධනාගාරය පාසලක් කරනවා..- අධිකරණ ඇමති
හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට එක්වු 104 – B ආධුනික පුහුණු ඛණ්ඩයේ බන්ධනාගාර හා නිලධාරීනියන් 177 දෙනෙකු විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගුණකොගපැලැස්ස බන්ධනාගාරයේදී සහභාගි වෙමිනි.
economic
top story
මේ වසරේ (2025) පළමු මාස හයේදී ලංකා විදුලි බලමණ්ඩලය විදුලිය අලෙවියෙන් උපයාගත් ආදායම සියයට 38.8කින් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.
ගිය වසරේ (2024) පළමු මාස හයේදී ලංකා විදුලි බලමණ්ඩලය විදුලිය අලෙවියෙන් රු. බිලියන 314.4ක් උපයා ගත්තද, එම ආදායම මේ වසරේ පළමු මාස හයේදී රු. මිලියන 192.6 ක් දක්වා රු. බිලියන 121.8 කින් (රු. කෝටි 12180 කින්) අඩු වී ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මේ වසරේ පළමු මාස හයේ ලංවිම ආදායම සියයට 38% කින් පහළට
ගිය වසරේ (2024) පළමු මාස හයේදී ලංකා විදුලි බලමණ්ඩලය විදුලිය අලෙවියෙන් රු. බිලියන 314.4ක් උපයා ගත්තද, එම ආදායම මේ වසරේ පළමු මාස හයේදී රු. මිලියන 192.6 ක් දක්වා රු. බිලියන 121.8 කින් (රු. කෝටි 12180 කින්) අඩු වී ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
gossip
top story
අනුරාධ චතුරංග
ආන්දෝලනයට තුඩු දුන් අනුරාධපුර නුවර වැව් රක්ෂිතය ඇතුළු වැව්රක්ෂිතවල සීමා මායිම් ලකුණු කිරීමේ රාජකාරියේ නිරතව සිටි අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා හදිසි ස්ථාන මාරුවක් ලැබී ඇතැයි වාර්තාවේ.
නුවර වැව ඇතුළු වාරිමාර්ග වැව්රක්ෂිත සීමා මායිම් ලකුණු කිරීමේ ප්‍රබල වැඩ කොටසක් කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා එම තනතුරට පැමිණ වසරක්වත් ගෙවී ගොස් නොමැති අවස්ථාවක මෙවැනි ස්ථාන මාරුවක් ලැබී ඇත්තේ පැහැදිලිවම දේශපාලන අරමුණක් හේතුවෙන් බැව් වාරිමාර්ග සේවකයෝ පිරිසක් සැක පළ කරති.
අනුරාධපුරේ වැවු රක්‍ෂිත මැන්න වාරිමාර්ග අධ්‍යක්‍ෂ හදිසි ස්ථාන මාරුවක්...
ආන්දෝලනයට තුඩු දුන් අනුරාධපුර නුවර වැව් රක්ෂිතය ඇතුළු වැව්රක්ෂිතවල සීමා මායිම් ලකුණු කිරීමේ රාජකාරියේ නිරතව සිටි අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා හදිසි ස්ථාන මාරුවක් ලැබී ඇතැයි වාර්තාවේ.
නුවර වැව ඇතුළු වාරිමාර්ග වැව්රක්ෂිත සීමා මායිම් ලකුණු කිරීමේ ප්‍රබල වැඩ කොටසක් කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා එම තනතුරට පැමිණ වසරක්වත් ගෙවී ගොස් නොමැති අවස්ථාවක මෙවැනි ස්ථාන මාරුවක් ලැබී ඇත්තේ පැහැදිලිවම දේශපාලන අරමුණක් හේතුවෙන් බැව් වාරිමාර්ග සේවකයෝ පිරිසක් සැක පළ කරති.
news
top story
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ නිකුත් කළ බව කියන මත්පැන්හල් බලපත්‍ර ලැයිස්තුවක් නීත්‍යානුකූල බවට මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා දිවරුම් ප‍්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇතැයි වරුණ රාජපක්‍ෂ මහතා පවසයි.
සිය අන්තර්ජාල නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ එම දිවුරුම් ප්‍රකාශය මගින් සඳහන් කර ඇත්තේ, මෙම බලපත්‍ර ලබා දීම ඉතාම නීත්‍යානුකූලව සිදු කර ඇති බවත්, එම ලබා දීම නිවැරදි බවත්ය.
රනිල් දුන්න බාර් ලයිෂන් නිවැරදියි.. ක‍්‍රියාත්මක කරන්න..- මුදල් ලේකම් දිවුරුම් ප‍්‍රකාශයකින් අධිකරණයට දන්වයි..
සිය අන්තර්ජාල නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ එම දිවුරුම් ප්‍රකාශය මගින් සඳහන් කර ඇත්තේ, මෙම බලපත්‍ර ලබා දීම ඉතාම නීත්‍යානුකූලව සිදු කර ඇති බවත්, එම ලබා දීම නිවැරදි බවත්ය.
economic
top story
2025 සැප්තැම්බර් 30 වන විට අපේක්ෂිත ඉලක්කයෙන් 117% සපුරාලීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගු නිලධාරීහු පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ. 2025 සැප්තැම්බර් 30 දිනට අපේක්ෂිත රේගු ආදායම රු. බිලියන 1485 ක් බවත් ඒ අනුව රු. බිලියන 1737ක ආදායමක් මේ වන විට ලැබී ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සෑම මසකම රේගු ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අයුරු ද ඔවුහු කාරක සභාවට පැහැදිළි කළහ. මේ අනුව වැඩිම ආදායමක් හිමිවී ඇති වාහන ආනයනය මගින් 2025 ඔක්තෝබර් 14 වන විට රු. බිලියන 587.11 ක් උපයා ඇති බවත් එම අගය ඒ වන විට සමස්ත ආදායමෙන් 37% ක ප්‍රතිශතයක් බවත් නිලධාරීහු සදහන් කළහ.
ඒ අනුව ඔක්තෝබර් 14 වන විට මෝටර් කාර්රථ 55,447ක් ආනයනය කර ඇති අතර එමගින් රු. බිලියන 474.26ක රේගු බදු ආදායමක් හිමිව තිබේ.
භාණ්ඩ ප්‍රවාහන රථ 7331ක් ආනයනය කර ඇති අතර ඉන් රු. බිලියන 48.67 ක ආදායමක් ලැබී ඇත. යතුරුපැදි 142,524 ක් හා ත්‍රීරෝද රථ 15,035ක් ආනයනය කර ඇති අතර ඉන් ලැබූ ආදායම් පිළිවෙලින් රු. බිලියන 30.37ක් හා 15.10ක් වේ.
මගී ප්‍රවාහන බස් හා වෑන් රථ 1679ක් ආනයනය කර ඇති අතර එමගින් රු. බිලියන 12.66ක ආදායමක් ලැබී ඇති බවත් මෙහිදී ඔවුහු සඳහන් කළහ.
රේගුවේ ඉදිරි ඉලක්කයන් සහ තාක්ෂණික වැඩිදියුණු කිරීම් යනාදිය පිළිබඳව ද මෙහිදි අවධානය යොමු විය. රේගුව මගින් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් (E-Tendering system) හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී එය හඳුන්වාදීමට නියමිත බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ. කාරක සභාව පෙන්වා දුන්නේ එය අනෙකුත් රාජ්‍ය ආයතන සඳහාත් වැදගත් පූර්වාදර්ශයක් බවයි.
කාරක සභාවේ සාමාජිකයන් වන ගරු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අජිත් පී පෙරේරා, නීතිඥ සුජීව සේනසිංහ, සුජිත් සංජය පෙරේරා, සුනිල් බියන්විල සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු ද ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්‍ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
රේගුව අපේක්‍ෂිත ආදායම ඉක්මවා යයි..

පොලිසිය සඳහන් කරන්නේ, ඩුබායි පැවති අලුත් අවුරුදු සැමරුමකදී හඳුනාගත් ප්‍රකට නිළියක්, චිත්‍රපට නිෂ්පාදනයකට සම්බන්ධ වන ලෙසට කෙහෙල්බද්දර පද්මේට ආරාධනා කළ බවට තමන් වෙත පුවත් ලැබී ඇති බවයි.
පොලිස් නිලධාරියෙකු අවධාරණය කළේ මෙම තොරතුරේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා අදාළ නිළියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බවයි.
ප‍්‍රස්ද්ද නිලියක් පද්මේට චිත‍්‍රපටයක රගපාන්න ආරාධනා කරලා..
පොලිස් නිලධාරියෙකු අවධාරණය කළේ මෙම තොරතුරේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා අදාළ නිළියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බවයි.
gossip
top story
රජය විසින් මත්ද‍්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ආරම්භ කර තිබිදී සමාගම් හයකට ගංජා වගා කිරීම සඳහා අක්කර 66ක් ලබා දී ඇති බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ කියා සිටී.
මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීම අතිශයින්ම වැදගත් බවත් එය රටේ අනාගතයට දියුණුවට ඵලදායී ලෙස බලපානු ඇති බවත් උන්වහන්සේ පැවසූහ.
එසේ පැවතියදී අපනයනය සඳහා යැයි කියමින් ගංජා වගා කිරීමට සමාගම් හයකට ඉඩම් ලබාදී දී ඇති බවත් ඒ හරහා මෙම නව වැඩපිළිවෙල හෝද හෝදා මඩේ දැමීමක් වන බවද හිමියන් කියා සිටියහ.
‘රටම එකට’ මත් මඩිද්දී ගංජා වවන්න සමාගම් හයකට අක්කර 66ක්...
මත්ද්රව්ය ව්‍යාප්තිය මැඩලීම අතිශයින්ම වැදගත් බවත් එය රටේ අනාගතයට දියුණුවට ඵලදායී ලෙස බලපානු ඇති බවත් උන්වහන්සේ පැවසූහ.
එසේ පැවතියදී අපනයනය සඳහා යැයි කියමින් ගංජා වගා කිරීමට සමාගම් හයකට ඉඩම් ලබාදී දී ඇති බවත් ඒ හරහා මෙම නව වැඩපිළිවෙල හෝද හෝදා මඩේ දැමීමක් වන බවද හිමියන් කියා සිටියහ.
news
top story
ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යන බවත්, නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යතුමිය මේ අදහස් පළ කරන ලද්දේ පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී ඉන්දීය රජයෙන් පරිත්‍යාග කරන ලද බහු වාර්ගික ත්‍රෛභාෂා ගොඩනැගිල්ල නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
ලංකාවේ ගුරුවරු පුහුණු කරන්න ඉන්දියාවෙන්..
අග්‍රාමාත්‍යතුමිය මේ අදහස් පළ කරන ලද්දේ පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී ඉන්දීය රජයෙන් පරිත්‍යාග කරන ලද බහු වාර්ගික ත්‍රෛභාෂා ගොඩනැගිල්ල නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
economic
top story
සතොස වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් වසා දැමීමට තීරණය කර ඇති අවස්ථාවක, රට තුළ ව්‍යාපාරික මොනෝපොලි එකක් නිර්මාණය වෙමින් පවතින බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියි.
ලංකා සතොස සභාපති සමිත පෙරේරා මහතා ඉවත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, මෙය පුද්ගලික හේතුවක් මත සිදු වූවක් බවට කතා පැතිරී ඇත.
සතොස අලෙවිසැල් 100ක් වහයි.. ධම්මික පෙරේරා අලෙවි සැල් 100ක අලුත් සුපර් මාකට් ජාලයක් අරී..
ලංකා සතොස සභාපති සමිත පෙරේරා මහතා ඉවත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, මෙය පුද්ගලික හේතුවක් මත සිදු වූවක් බවට කතා පැතිරී ඇත.
gossip
top story
මන්ත්රී ජගත් විතාන මහතාට අදාළව තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කනගාටුව පළ කළ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන් කළේය.
මෙම අදහස් දැක්වීම සිදුකරන ලද්දේ (31) කථානායකවරයා, විපක්ෂ මන්ත්‍රීවරුන් සහ පොලිස්පතිවරයා අතර පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ජගත් විතානගේගෙන් පොලිස්පති සමාව ගනී..
මෙම අදහස් දැක්වීම සිදුකරන ලද්දේ (31) කථානායකවරයා, විපක්ෂ මන්ත්‍රීවරුන් සහ පොලිස්පතිවරයා අතර පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
economic
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 ජුනි 24 වන දින නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, 2024 වසර අවසානය වන විට පැවති රජයේ මුළු ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.
2024 දෙසැම්බර් 31 වන දිනට රුපියල් බිලියන 28,738.70 ක් වූ සමස්ත ණය ප්‍රමාණය, 2025 ජුනි මස අවසන් වන විට රුපියල් බිලියන 29,634.78 ක් දක්වා ඉහළ ගොස් ඇත.
2025 මාස හයට ණය බිලියන 869කින් වැඩි වෙයි...
2024 දෙසැම්බර් 31 වන දිනට රුපියල් බිලියන 28,738.70 ක් වූ සමස්ත ණය ප්‍රමාණය, 2025 ජුනි මස අවසන් වන විට රුපියල් බිලියන 29,634.78 ක් දක්වා ඉහළ ගොස් ඇත.
economic
top story
වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පසුගිය රජය සමයේ ඈවර කිරීමට නියමිතව තිබූ මෙම ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, නව රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නැවත ස්ථාපිත කළ අතර, පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟින් නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කරන ලදි.
ත්රිපෝෂ අග්ගලා, කුකීස්, කප් කේක් හදන්න ඇමති වසන්න මග පෙන්වයි...
පසුගිය රජය සමයේ ඈවර කිරීමට නියමිතව තිබූ මෙම ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, නව රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නැවත ස්ථාපිත කළ අතර, පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟින් නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කරන ලදි.
Subscribe to:
Comments (Atom)