මාතර ප්‍රදේශයේ ඉඩමක් නීති විරෝධීය උපයන ලද රුපියල් කෝටි පහක මුදලකට මිලදී බවට චෝදනා කරමින් ගොනුකුර ඇති නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ බව අධිකරණයට කියා සිටියේය.
“ස්වාමිනි, මගේ සේවාදායකයා මැයි 18 සහ 19 යළි මෙරටට එන්න ගුවන් ටිකට් පත් වෙන් කරලයි තිබුණේ. නමුත් අමෙරිකාවේ සිටින ඔහු පුටුවකින් ඇඳ වැටිලා අනතුරකට ලක්වෙලා ගෙල සහ ස්නායු ආශ්‍රිතව ආබාධ මතුවෙලා. මාස 06ක් ගුවන් ගමන්වල යෙදෙන්න එපා කියලා අමෙරිකාවේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා”
කෙසේ වෙතත් නියෝජ්‍ය සොලිස්ටර ජනරාල්වරිය එකී වෛද්‍ය වාර්තා පිලිගත නොහැකි බව පැවසීය.
“ස්වාමිනි, මේ X Ray වාර්තා බලපුවාම බෙල්ලේ උලුක්කුවක්, වැරදි ඉරියව්වක් නිසා මාංශ පේෂිවල සුළු ඇදීමක් පිළිබඳ විතරයි සටහන් වෙන්නේ. එසේම එය සතියකින් දෙකකින් සුවවෙන බවට වෛද්‍යවරු පවසා තිබෙනවා. වෛද්‍ය වාර්තා නිකුත් වී ඇත්තේ 2025 මාර්තු 18. ඔය කියන විදිහට මාස 06ක් ගුවන් ගමන්වලින් වලකින්න කියලා වෛද්‍ය නිර්දේශයක් තිබුණානම් ඇයි මැයි 18, 19 ගුවන් ටිකට්පත් වෙන් කළේ. එම නිසා ස්වාමිනි මෙම වෛද්‍ය වාර්තා පිළිනොගෙන සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ”
ඊට බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.
“ස්වාමිනි, මගේ සේවාදායකයා ලෙඩක් නැතුවත් ආවේ නැහැ කියලා පෙන්වන්න හදන්නේ හොරෙක් කියලා ද? නමුත් මේවා අමෙරිකාවේ වෛද්‍ය වාර්තා. අපේ වෛද්‍යවරු වගේ හොරු නැහැ. ඊළඟ නඩු දිනයේ මගේ සේවාදායකයා අධිකරණයට පැමිණෙනවා. ”
අනතුරුන දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලමින් මාතර මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් නොකර නඩුව නොවැම්බර් 21 වනදා යළි කැඳවන බවයි.
”මේ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයේ සලකා බැලෙන නඩුවක්. එකී කාලය පුරාවටම සැකකරු අධිකරණයේ පෙනී සිට තිබෙනවා. ඒ නිසා ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් කරන්නේ නැහැ. ඒ අනුව ඉදිරි නඩු දිනයේ අධිකරණයේ පෙනීසිටින ලෙස සැකකාර බැසිල් රාජපක්ෂට නියෝග කරනවා”