ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වන විශේෂඥ වෛද්‍යවරුන්, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහයෝගය ලැබුණු බව වෛද්‍ය රංජිත් දිසානායක මහතා පැවසීය.
මෙම විශේෂඥ වෛද්‍ය සායනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අංශයේ මහාචාර්ය බවන්ත ගමගේ, ශල්‍ය වෛද්‍ය මහාචාර්ය තේජාන් විජේරත්න, රත්නපුර මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය චින්තක හත්ලාවත්ත, රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආර්. චන්ද්‍රසේන, කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන, ශ්‍රී ලංකා යුදහමුදාවේ වෛද්‍ය බලකායේ කර්නල් අරුණ ශාන්ත කුමාර, මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය නිලධාරී දීපිකා, කොළඹ ද සොයිසා රෝහලේ ජේ්‍යෂ්ඨ වෛද්‍ය නිලධාරී කමලනාත් මලවි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය හර්ෂ අලුත්ගේ ඇතුළු වෛද්‍යවරුන් සහ ජාතික වෛද්‍ය රසායනාගාර සේවය, කළුතර දිස්ත්‍රික් මුඛ සෞඛ්‍ය ඒකකය, මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුවනාරි ඒකකය සහභාගී වූ අතර බෝපිටිය සණස, අලුත්ගම්ගොඩ සණස, නාරවිල අභයරාජ පිරිවෙණ, මතුගම ප්‍රාදේශීය ලේකම් මධුෂ සංකල්ප මහතා ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදා යටදොලවත්ත කඳවුරේ නිලධාරීන්, රෝහල් කමිටුව ඇතුළු ප්‍රදේශවාසීන් සමග කටුගහහේන රෝහලේ කාර්ය මණ්ඩලය රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පහසුකම් සැලසීය.
බී. තඹවිට – මතුගම