එහිදී, ඉහළ උෂ්ණත්ව වායු, අළු සහ පාෂාණ ‘කිලෝමීටර කිහිපයක් උස’ අහසට නැගුණු බව වාර්තා වේ.
පිපිරීමත් සමග වේගයෙන් කන්දෙන් පහළට දිව යන පුද්ගලයන්යන්ගේ ජයාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල පළකර තිබේ .
එක් සංචාරක සමාගමක හිමිකරුවකු CNN පුවත් සේවයට පවසා ඇත්තේ, එට්නා ගිනිකන්ද පුපුරා යන විට ඒ ආසන්නයේ පුද්ගලයන් 40 දෙනකු සිටි බවයි.
එට්නා ගිනිකන්ද වසරකට මිලියන 1.5 ක ජනතාවක් සංචාරය කරන ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එහි මුදුනට පයින් ගමන් කරති.
එට්නා ගිනිකන්ද ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳු වලින් එකක් වුවද, 2014 සිට මෙතරම් විශාලත්වයේ පිපිරීමක් සිදුවී නොමැති බව ජාතික භූ භෞතික විද්‍යා හා ගිනි කඳු නිරීක්ෂණාගාරය පවසයි.