Slider

රූපලාවන්‍ය රැසක උග‍්‍ර විෂ.. ප‍්‍රසිද්ද ක්‍රීම්, ලෝෂන් රැසක බැර ලෝහ වාර්තා මෙන්න (photos)



පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙළඳපලෙන් ලබා ගන්නා ලද සමෙහි ආලේප කරන ක්‍රීම් සහ ලෝෂන් වර්ගයන්හි සාම්පල පරීක්ෂා කර ලබාගත් වාර්තා අනුව ඒවායෙහි අඩංගු බැර ලෝහ ප්‍රමාණයන් අනුමත ප්‍රමාණයට වඩා ඉතාමත් අධික බව තහවුරු වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

එහිදි පරීක්ෂාවට ලක් කළ ක්‍රීම් සහ ලෝෂන් වර්ගවල වෙළඳ නාමයන් සහ අඩංගුව තිබු බැර ලෝහ ප්‍රමාණයත් පහත සඳහන් කර ඇති අතර එමෙන්ම අනුමත බැර ලෝහ ප්‍රමාණයන් සහිත ගැසට් පත්‍රයේ පිටපතක් ද පහත දක්වා ඇත.

ඒ අනුව පාරිභෝගිකයින් ලෙස අනුමත බැර ලෝහ ප්‍රමාණයන් ඉක්මවා ඇති ක්‍රීම් සහ ලෝෂන් වර්ග මිලදි ගැනිමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙන අතර එවැනි නිෂ්පාදන අලෙවි කරන වෙළෙන්දන් සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති අතර තවදුරටත් එවැනි වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි









 


© all rights reserved
Designed by LCN Media