එම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීම, උස්සවීම් වලට අවශ්‍ය නිර්දේශ කිරිම් ඇතුලු කාර්ය සාධනයට මුවා වි එම පොලිස් බල ප්‍රදේශයේ වතු අධිකාරිවරුන්ගෙන් දිනපතා කම්කරුවන් 4 දෙනෙකු ලබා ගෙන එම කම්කරුවන් සිව් දෙනාට දිවා ආහාරයට සහ තේ පානයට අවශ්‍ය මුදල් ලබා දී එම කම්කරුවන් සිව් දෙනා පොලිස් ස්ථානයේ ත්‍රිරෝද රථයෙන්ම පොලිස් ලොක්කගේ නිළ නිවස වෙත රැගෙන යා යුතු වෙයි.
එසේම ආපසු දිනපතා පස්වරුවේ එම කම්කරුවන් ඔවුන් පදිංචි නිවස කරා රැගෙන විත් ඇරලවාලන තෙක් ත්‍රිරෝද රථය පොලිස් ලොක්කාගේ නිළ නිවසේ ගාල් කර තැබිම හේතුවෙන් දෛනිකව එම පොලිස් ස්ථානවල රාජකාරි කටයුතු සිදු කරගෙන යෑමටද බාධාවක් වී ඇති බවයි පීඩාවට පත් වී සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.
ඊට අමතරව එළවලු වගාවට අවශ්‍ය පැළ වර්ග, රසායනික පොහොර, කෘමිනාශකද පොලිස් ස්ථානාධිපතිවරුන් ලබා දිය යුතු වේ. එළවලු වගාවේ මුළු ආදායම පොලිස් ලොක්කා විසින් ලබා ගන්නා බවයි පොලිස් ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.
– ADA