අද වෙද්දී ලංකාව ඇතුළේ රූපලාවණ්‍ය සැත්කම් පිළිබඳව විශාල කතාබහක් මතු වෙලා තිබෙනවා. මේක දකින්නේ කොහොමද?
ඇත්තටම අපේ රටේ ඕනෑම දෙයක් මුලින්ම කරද්දි කරන්නේ බණින එක, විවේචනය කරන එක. කො මැටික් සර්ජරි කියන එක ඔය කියන තරම් නරකයි නම් මේක මුළු ලෝකය පුරාම මේ තරම් ව්‍යාප්ත වෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා යම් කිසි සැලකිය යුතු මුදලක් වැය වන නිසා හොඳ මූල්‍යමය තත්ත්වයක් නැතුව ඒ වගේ දේකට යොමු වෙන්න බැහැ. මට අනුව තමන්ට හැකියාවක් තියෙනවා නම් එහෙම දේකට යොමු වුණාට මම වැරැද්දක් දකින්නේ නැහැ. අපේ රටේ ඕනෑම දෙයක් වැලඳගන්න වෙන රටවලට සාපේක්ෂව වැඩි කාලයක් ගන්නවා. අද වෙද්දි හොලිවුඩ්, බොලිවුඩ්වල පවා මේ කොස් මැටික් සර්ජර්ස් බොහොම සුලබයි. තමන්ට හැකියාවක් තියෙනවා නම් තමන්ට ගැළපෙන හොඳ නිසි ප්‍රමිතියෙන් යුතු දේවල් කරන එකේ වරදක් කියන්න බැහැ.