රජය මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා දුන් අවසන් දිනය වූ ඉකුත් 10 වැනිදායින් පසු මෙරටට ගෙනා ලුණු බහාලුම් 400 ක් නිදහස් කිරීම රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආනයනයකරුවන් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.
මෙරට ඇති වූ ලුණු හිඟයට පිළිතුරු ලෙස ඉකුත් 10 වැනිදා තෙත් රටින් ලුණු ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබූ අතර වරායේ හිරවී තිබෙන ලුණු බහාලුම් 400 මෙරටට පැමිණෙන වීමට එම අවසාන දිනය පසුවී කාලගුණ හේතූන් නිසා මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය කාලයේදී පහළ වැටුණු අතර, ඒ හේතුවෙන් පසුගිය මාස වලදී මෙරට දැඩි ලුණු හිඟයක් ඇති විය.
ඒ හේතුවෙන් රජය ලුණු ආනයනයට පනවා තිබූ සීමා ඉවත් කරනු ලැබුවේය. එහිදී ලුණු මෙට්‍රික් ටොන් 150,000 ක් මෙරටට ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබිණි.
වෙළෙඳ පොළේ උග්‍ර ලුණු හිඟයක් ඇතිවීමට හේතුව වූයේ පසුගිය මාස කීපයේදී ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ලුණු නිෂ්පාදනය අඩාල වීම බව රජය එහිදී පෙන්වා දුන්නේය.
වාර්තා වූ කරුණු අනුව අවසන් දිනය පසුවීමෙන් අනතුරුව කොළඹ වරායට ලුණු මෙට්‍රික් ටොන් 10,000 ක් පැමිණ ඇත. කෙසේ නමුත් ආනයනකරුවන්ට ලබාදී ඇති බිල්පත් වල සඳහන්ව ඇත්තේ මෙරටට බාර දෙන දිනය ලෙස ඉකුත් ජුනි 10 වැනිදාය.
ආරංචි මාර්ග වලට අනුව දැනට වරායේ සිරවී තිබෙන ලුණු බහාලුම් 400 ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ 80 මෙරටට පැමිණීමේදී ප්‍රමාද වී ඇත්තේ අහිත කර කාලගුණය නිසාය. ගුජරාට් වරායෙන් නියමිත දිනට නැව්ගත කර ඇතත් අහිත කර කාලගුණික තත්වය හේතුවෙන් එම නැව් මෙරටට පැමිණෙන විට ජුනි 10 පසුවී ඇත.
රජය අවසර ලබාදීමට ප්‍රතික්ෂේප කර ඇති ලුණු මෙට්‍රික් ටොන් 10,000 වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයක් බවද පැවැසෙයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයට අනුව, රජයේ මෙවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ වෙළෙඳ පද්ධතිය කෙරෙහි විශ්වාසය ඛාදනය වීමට හේතු වෙයි.
ආනයන කරුවන් සැපයුම්කරුවන්ගෙන් තොග සුරක්ෂිත කර ගැනීමෙන් සැපයුම්කරුවන් නියමිත වේලාවට ගෙවීම අපේක්ෂාවෙන් තොග නැව්ගත කරන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
එලෙස සැපයුම්කරුවන් ලග ලබා දෙන්නේ විශ්වාසය මත පදනම්ව බවත් නියමිතවේලාවට භාණ්ඩ නිදහස් කර ගැනීමෙන් අනතුරුව වේලාවට තම මුදල් ලැබෙනු ඇති බව ඔවුන් අපේක්ෂා කරන බවත් එම සංගමය පැවසුවේය.
මේ හේතුවෙන් එම බහාලුම් 400 නිදහස් කරගැනීමට අවසර ලබා දෙන රජයෙන් ඉල්ලා ලෙස සිටින බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.