මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ, එම තීරණය මඟින් රජයට පාඩුවක් සිදුවී තිබේදැයි සොයා බැලීම සඳහාය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ විමර්ශන සිදුකර සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලදී.
නීතිපතිවරයා විසින් එම තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පසු, මෙම විමර්ශනය තුළින් අපරාධමය වරදක් උද්ගත නොවන බවට CID වෙත දැනුම් දෙන ලදී.
ඒ අනුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අවසර ලබා දුන් අතර, නඩු කටයුතු ද අවසන් කරන ලදී.
කෙසේ වෙතත්, මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, මෙම සිද්ධියේදී අනාගතයේදී යම් දූෂණයක් හෝ අල්ලසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන්නේ නම්, මෙම නඩු ගොනුව අදාළ ආයතන වෙත යොමු කර තවදුරටත් විමර්ශන සිදු කිරීමට හැකියාව පවතින බවයි