Slider

ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහල යයි..



ඊශ‍්‍රායල ඉරාන යුද ගැටුම් මත මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන අස්ථාවර තත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද දිනයේ 9%ක අගයකින් ඉහළගොස් ඇත.

එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය වෙයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ.

පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි.
© all rights reserved
Designed by LCN Media