තැපැල් සේවා නිලධාරි පුරප්පාඩු පිරවීමට විවෘත බඳවා ගැනීම් සිදුනොකිරීම, I පෙළ තැපැල් සේවා නිලධාරීන්ට හිමිවිය යුතු වැටුප් වර්ධක නොලැබීම, නිලධාරි සේවා ව්‍යවස්ථා අනුමත නොකිරීම, කාර්යභාර නිලධාරි දීමනා ලබානොදීම, පාලන කාර්යාලවල පැය 100 ඉක්මවා අතිකාල නොගෙවීම ඇතුළු ඉල්ලීම් 15ක් මුල් කරගෙන මෙම වැඩවර්ජනය සිදුකරන බව ද ඔහු කීය.
මෙම ඉල්ලීම්වලට විසඳුම් ලබාගැනීම සඳහා බලධාරීන් සමග මේ වසරේ මාර්තු 07 සහ මැයි 02 වැනිදා පැවැති සාකච්ඡාවලදී එකඟ වූ කාරණා ඉටුකිරීමට කටයුතු කර නොමැති බවත් එයට විරෝධය දැක්වීමක් ලෙස මෙම සංකේත වැඩවර්ජනය සිදුකරන බවත් ජයසුන්දර මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා