පැවති රජයක් යටතේ කිරි හරකුන් මෙරටට ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක් අවභාවිතා කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
මෙම කාන්තාව පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක මෙන්ම රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුගේ බිරිඳද වෙයි.
ඇය මේ වන විට විදේශගතව සිටින අතර ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණීමෙන් පසු ්‍ර ප‍්‍රකාශයක් ලබා දීමට නියමිතව ඇති බවද සඳහන්ය.
2016-17 අතර කාලයේදී ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියක ලෙස කටයුතු කරමින් සිටි කාලය තුළ මෙරටට කිරි හරකුන් ආනයනය කිරීමට ඩොලර් මිලියන 11ක් වෙන් කිරීමේ සිදුවීමට සිදුවීම පිළිබඳව සිදු කරන පරීක්ෂණයට අදාළව මෙම ප්‍රකාශය සටහන් කර ගනී.
එවැනි කිරිහරකුන් ගෙන්වීමක් හෝ එම මුදලට සිදුවූ දෙයක් හෝ නොමැති බවද පැමිණිල්ලෙන් චෝදනා කර ඇත.
