Slider

රිලවුන් ගම්මාන කිහිපයක බලය අල්ලති… බත්, වැංජන මුට්ටි පිටින් උස්සං යති..



අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක් තුල පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ගම්වැසියන් දුෂ්කරථාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් පේරගහාමුල, ගිනිගත්හේන, හගරාපිටිය, අඹගමුව, පේරගොල්ල, හැබ්බැකන්ද, හොරකඩ, වැනි ප්‍රදේශවල මෙකි රිලා උවදුර දැඩිව පවතින බව එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ තම ගම්මානවල සැරි සරන රිලා රංචු තමන් ඉතාමත් දුක් මහන්සියෙන් වගා කරනු ලබන වගාවන් විනාශ කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

එමෙන්ම මෙම රිලා රංචු තම නිවාස තුලටද රිංගා තම නිවාසවල දොර ජනෙල් තිර රෙදි ඇතුළු බොහෝ භාන්ඩ විනාශ කරන බවත් තම කුස්සි තුලටද රිංගන මෙම රිලාවුන් එහි ඇති බත් හා වැංජන හට්ටි පිටින් ඔසවා ගෙන යන බැවින් තමන්ට දහවල් කාලයේදිද තම නිවාසවල දොර ජනෙල් වසා ගෙන සිටිමට සිදුව ඇති බවද එම පිරිස් පවසති.

එම තත්වයන් මත මෙම රිලා රංචු හේතුවෙන් තමන් මේ වන විට දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත් මෙම තත්වයන් පිලිබදව අදාල නිලධාරින්ගේ අවදානය ටයාමු කර මෙහි රිලා රංචු අල්ලා වෙනත් කැලැබද ප්‍රදේශයකට මුදා හැරිමට පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා
© all rights reserved
Designed by LCN Media