Slider

‘පත්තර මල්ලි’ අද සිට නවතී



අතිශය ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වන නෙත් එෆ්.එම්. ගුවන්විදුලි සේවයේ “පත්තර මල්ලි” වැඩසටහන විකාශනය කිරීම අද (30දා) සිට නවතා දැමීමට තමන් තීරණය කළ බව ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදී නුවන් ලියනගේ මහතා සඳහන් කරයි.

වසර 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම පුවත්පත් සිරස්තල වැඩසටහන තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන එන ලද දීර්ඝතම වැඩසටහන ලෙස සැලකේ.


1998 වසරේ ජූලි මස 01 වැනිදා හිරු එෆ්.එම්. ගුවන්විදුලියෙන් ආරම්භ වී පසුව 2005 වසරේදී නෙත් එෆ්.එම්. ගුවන්විදුලිය ඔස්සේ මෙතෙක් විකාශනය කරන ලද මෙම වැඩසටහන දිවයිනේ පළමු පුවත්පත් සිරස්තල විද්‍යුත් නාළිකා වැඩසටහන ලෙස වාර්තාවක් තබා ඇත.
© all rights reserved
Designed by LCN Media