Slider

විදුලි පනත ව්‍යවස්ථා විරෝධීයි.. ජනමත විචාරණයක් කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දන්වයි…



විදුලි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව, එම වගන්ති සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය වන බවත්, ඊට අමතරව ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ද ලබා ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇති සංශෝධන ඇතුළත් කරන්නේ නම්, පනත් කෙටුම්පත සරල බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි වනු ඇතැයි ද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
© all rights reserved
Designed by LCN Media