නැඟෙනහිර පර්යන්තය මේ මස 30 වැනිදා විවෘත කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයාට ලබාදුන් එම තොරතුරු වැරදි බවත්, නැඟෙනහිර පර්යන්තය විවෘත කිරීමට තවත් වසර එකහමාරක් පමණ ගතවන බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේය.
වැඩිදුරටත් ශ්‍යාමල් සුමනරත්න මහතා මෙසේද කීය.
නැඟෙනහිර පර්යන්තය වැඩිදියුණු කර විවෘත කිරීමට වරාය අධිකාරිය කටයුතු කරමින් සිටියා. නමුත් වරාය අධිකාරියට පත්ව සිටින ඇමැතිවරයා, නියෝජ්‍ය ඇමැතිවරයා, සභාපති, උප සභාපති එසේ කටයුතු කරමින් සිටියත් එහි කළමනාකරණ අධ්‍යක්‍ෂවරයාගේ ක්‍රියාකලාපය නිසා විවෘත කිරීම කෙසේ වෙතත් එම පර්යන්තය ස්වාභාවික මරණයට පත්වන ආකාරයට කටයුතු සිදුවෙමින් තිබෙනවා. මෙම පර්යන්තයේ ඉදිකිරීම් නතර වෙලා.
මෙයට අත්‍යවශ්‍යම දෙයක් වන ස්ට්‍රැඩල් කැරියර් (Straddle Carrier) මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරය අහෝසි කර මාස 08කට වැඩියි. අලුත් ටෙන්ඩර් කැඳවීමක් කරලත් නැහැ. මේකට ටෙන්ඩර් කැඳවීමක් කළත් ඒවා ගෙන්වීමට වසරකට වැඩි කාලයක් යනවා. අපිට සැකයි මෙහෙම කරන්නේ අනෙක් පර්යන්තවලට වාසි ලබාගන්න ද කියලා.
අපි මේවා රටට කියන කොට වෘත්තීය සමිති නායකයන්ට විවිධ චෝදනා එල්ල කර චෝදනා පත්‍ර දෙනවා. ස්ථාන මාරුවීම් සිදුකරනවා. මේවා රටට කියන්න පෙර අපි ඇමැතිවරයාට කියන්න අවස්ථා හයක් උත්සාහ කළා. අඩු ගානේ ඒ ගැන සඳහන් කරලා යවපු ලිපිවලට පිළිතුරු ලිපියක්වත් අපිට ලැබුණේ නැහැ. ඒ නිසයි අපි මේවා රටට කියන්නේ. අපේ රැකියා අහිමි වුණත් අපි වරාය රැකගන්න ඉදිරියටත් කටයුතු කරනවා”
Divaina