වෙසක් පොහොය නිමිත්තෙන් ලබා දුන් ජනාධිපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකු නීති විරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී මෙම කරුණු හෙලි කලේය.
මරිය ජුලියට් මොනිකා ප්‍රනාන්දු මහත්මිය කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකාරිය වී 2005 වසරේදී මරණ දණ්ඩනය නියම වී ඇත.
නමුත් 2009 මාර්තු මාසයේදීල එවකට ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලබා දුන් ජනාධිපති පොදු සමාවක් මඟින් ඇය නිදහස් කරන ඇත.
සිරකරුවන් නිසි අනුමැතියකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය හෙලි කලේය.