Slider

ප‍්‍රකට ව්‍යාපාරිකයකුගේ නිවසින් රත්‍රං කිලෝ 55ක් සොයාගනී…



හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී රත්රන් කිලෝ පනස් පහක පමණ ප්‍රමාණයක් විමර්ශන අංශවලින් සොයා ගෙන ඇතැයි දැන ගන්නට තිබේ. ඒවායේ වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න බව පැවැසේ.

මෙය තමන් දීර්ඝ කාලයක් තිස්සේ එකතු කර ගත් රන් සංචිතයක් බව එම ව්‍යාපාරිකයා ප්‍රකාශ කර තිබෙන නමුත් එවන් සංචිතයක් එකතු කර ගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමට නොහැකි වී තිබෙන බව සඳහන් වේ.

මෙම තත්ත්වය මත එම රන් සංචිතය රාජසන්තක කිරීමේ සූදානමක් පවතින බව ද දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා බලධාරීන්ගෙන් විමසීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

– Aruna
© all rights reserved
Designed by LCN Media