Slider

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන.. ඇමති වසන්ත නිතර වොෂ් දාන්න එනවා.. ඔප්පුව සභාගත කරයි..



අනුරාධපුර නගර මැද පිහිටි නිවසක් රුපියල් ලක්ෂ පණහක මුදලකට දේශපාලඥයකු විසින් ලියාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සඳහන් කරයි.

එහි ඔප්පුව ලියා ඇත්තේ ජාතික ජනවේගයේ නීතිඥ මන්ත‍්‍රිවරයෙකු යයිද ඔහු පැවසුවේ.මෙම ඉඩම රුපියල් ලක්ෂ පනහකට ලියාගත්තද එහි ඇත් සැබෑ වටිනාකම ලක්ෂ පන්සීය ඉක්මවන බවත් ඔහු සඳහන් කළේය.

මෙම නිවසට ඇමති වසන්ත සමරසිංහ වොෂ් දාගන්න නිතර යන එන බවත් හෙතෙම තව දුරටත් පැවසුවේය.

පාර්ලිමේන්තුව අමතමින් මෙම අදහස් ඒ මහතා පළ කරන ලදී.

ඊට අදාළ වන ලිපි ගොනුවල පිටපතක්ද ඔහු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කරන ලදී.
© all rights reserved
Designed by LCN Media