එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ නොපවත්වා වෙනත් දිනයක් ඒ සඳහා නියම කරන ලෙස පැමිණිල්ල එනම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
එහිදී පළමු විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්‍ෂේප කරමින් මහාධිකරණය මින් පෙර ලබාදුන් නියෝගයට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනා ගොනුකර ඇති බව පෙන්වා දුන්හ. එකී අභියාචනා ලබන සැප්තැම්බර් 19 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවන බැවින් ඉන්පසු දිනයක එම නඩුව කැඳවීමට දින නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම්වලට පිළිතුරු දුන් මහාධිකරණ විනිසුරුවරයා තම අධිකරණය නිරතුරුවම ඉහළ අධිකරණවලට ගරු කරන බවත් තමන් මින් පෙර ලබාදුන් නියෝගයකට එරෙහිව විත්තිය ඉහළ අධිකරණයට අභියාචනා ගොනු කර ඇත්නම් ඉහළ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙනතුරු එකී නඩුව කැඳවීම නුසුදුසු බව සිය අධිකරණය ද සිතන්නේ යැයි පෙන්වා දුන්නේය.
මේ අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවීමට කිසිසේත්ම අපේක්‍ෂා කරන්නේ නැතැයි ද විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා එම නඩුව කල්තැබීමට නියෝග කරමින් වැඩිදුරටත් පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක
Divaina