ඊයේ (ජුනි 26) පැවති මාධ්‍ය හමුවකදී, ඔහු අවධාරණය කළේ PTA යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කළ යුතු බවයි.
ඔහු තවදුරටත් කියා සිටියේ, සමලිංගික විවාහය අපරාධයක් නොවන ලෙසට වූ පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අවලංගු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කිරීම ධනාත්මක පියවරක් බවත්, ආරක්ෂක හා පොලිස් ප්‍රතිසංස්කරණවල වැදගත්කමත් ටර්ක් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
“සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතුයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ණ කටයුතු යළි ආරාම්භ කිරිම ධනාත්මක පියවරක් බවද කිව යුතුයි.
තවද ආරක්ෂක සහ පොලිස් ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම වැදගත් වෙනවා”