මේ හේතුවෙන් ඉරානයේ මිලියන ගණනක ජනතාවට බැංකු කටයුතුවල සිට විදෙස් රටවල සිටින සිය පවුලේ සාමාජිකයන් හා සම්බන්ධ වීම් ඇනහිට ඇති බව වාර්තා වේ. ඉරානයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයට අනුව මෙම අන්තර්ජාල හා ගෘහස්ථ දුරකථන සේවාවන් වසා දැමීම තාවකාලික පියවරක් වන අතර එය ආක්‍රමණික සතුරා විසින් ඉරානයේ සන්නිවේදන ජාලය අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයකි.
ඊශ්‍රායලය හා ඉරානය මිසයිලවලින් මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද සිය ප්‍රහාරයන් වර්ධනය කරමින් සිටීම නිසා හැකර්වරුන්ගේ ප්‍රහාරයන්ගෙන් රටේ යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය සේවාවන් අඩපණ වීමත් පුද්ගල ඉලක්කයන් සැලැසුම් කළ හැකි වීමටත් අන්තර්ජාල පහසුකම් උපකාරී වනු ඇති බව එම අමාත්‍යාංශය විසින් සඳහන් කර තිබේ. ඉරානයේ අන්තර්ජාල පහසුකම් වසා දැමීමත් සමගම රටින් පිටත සිට ඉරානයට දුරකථන හා අන්තර්ජාල ඇමතුම් ලබා ගැනීම සම්පූර්ණයෙන් නතර වී තිබේ. කෙසේ වුවද සීමිත වෙබ් අඩවි හා දේශීය සේවාවන් සඳහා පමණක් ප්‍රවේශ වීමට තවමත් ඉරාන ජාතිකයන්ට හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ අතර යුද්ධය හේතුවෙන් රටවල් ගණනාවක් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි සිය තානාපති කාර්යාල සේවාවන් අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. මෙසේ ටෙහෙරාන් නගරයේ සිය තානාපති කාර්යාල සේවාවන් අත්හිටුවා ඇති රටවල් අතර ස්විට්සර්ලන්තය, චෙකොස්ලොවේකියාව, නවසීලන්තය හා ඔස්ටේ්‍රලියාව ද වෙයි. මේ අතර යුද්ධය හේතුවෙන් ඉරානය සිය ගුවන් කලාපය වසා දැමීමත් ඊශ්‍රායලය විසින් ටෙල් අවිව් අගනුවර පිහිටි බෙන් ගුරියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගී ප්‍රවාහන කටයුතු සඳහා වසා දැමීමත් නිසා බොහෝ රටවලට ඉරානයෙන් හා ඊශ්‍රායලයෙන් සිය පුරවැසියන් ඉවත් කරගැනීම සඳහා සංකීර්ණ වූ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. මේ අතර ඉරානයේ වසර 46ක කාලයක් මුළුල්ලේ පවතින ඉරාන ඉස්ලාමීය ජනරජයේ පාලනයට 1979න් පසු එල්ල වූ දැවැන්තම බාහිර තර්ජනය ඊශ්‍රායල ප්‍රහාරයන් හරහා එල්ල වී ඇති බවත් මේ මොහොතේ එම පාලනයට බලපෑම් එල්ල කළ හැක්කේ මහජන නැගී සිටීමකින් පමණක් බවත් දේශපාලන විචාරකයන් පවසා තිබේ. කෙසේ වුවද ඉරානයට එල්ල වෙමින් පවතින ඊශ්‍රායල ප්‍රහාරයන් හේතුවෙන් මහජනතාව සිය දිවි ගලවාගැනීම සඳහා පැන යමින් සිටින මොහොතක එවැනි මහජන නැගී සිටීමකට ජනතාව පෙළ ගැස්වීම අසීරු බවද එම විචාරකයන් පෙන්වා දී තිබේ.
මේ අතර සිය හමුදාවන් විසින් ප්‍රහාරයන් එල්ල කරනුයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ අඩපණ කිරීම සඳහා මිසක රජයන් බිඳ දැමීම සඳහා නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. පාලනයන් බිඳ දැමීම සිදු කළ යුත්තේ ජනතාව විසින් බවද ඔහු සඳහන් කර තිබේ.
ඒමන්ති මාරඹේ