අද දිනයේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කැඳවීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා ඔවුනට එල්ල වී ඇත.
කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැර ඇත.
කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව ඔවුන් තිදෙනාම යළි බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළේය.
රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප නවයක් මත මුදා හරින ලෙස ඔවුනට ඇප නියම විය.