Slider

පලාලි අධිඅරක්ෂිත කලාපයේ ප්‍රසිද්ධ කෝවිලක් 35 වසරකට පසු යලි විවෘතයි..



යාපනය පලාලි අධිඅරක්ෂිත කලාපයේ පිහිටා තිබූ ප්‍රසිද්ධ හින්දු කෝවිලක් වූ රාජ රාජේස්වරී අම්මාන් කෝවිලේ වන්දනාමාන කටයුතු කිරීම සඳහා අද (27) සිට බැතිමතුන් වෙනුවෙන් අවසර ලබාදීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

1990 වසරේ ජුලි මස සිට අදාල හින්දු කෝවිල ඇතුලු භූමි ප්‍රදේශයේ සිටි සාමාන්‍ය ජනතාව ඉවත් කොට අදාල ප්‍රදේශයන් පැවති ආරක්ෂක හේතුන් මත අධිආරක්ෂිත කලාපයන් වශයෙන් නම් කරනු ලැබීය.

කෙසේ වෙතත් මේ වන විට රාජ රාජේස්වරී අම්මාන් කෝවිලට යුදසමයේදී යම්හානි සිදුව ඇතත් බැතිමතුන්ට අවශ්‍ය වන්දනාමාන කටයුතු සිදුකර ගැනීමට ප්‍රමාණවත් පරදි කෝවිල් මන්දිරය ඉතිරිව ඇති බවට බැතිමන් පවසා සිටිති.

එවකට මෙම කෝවිල හින්දු ජනතාවගේ මහත් ප්‍රසාදයට පත් විශේෂ දේව පූජාවන් පැවත්වූ කෝවලක් වන බවටත් වසර 35 කට පසුව නැවතත් තම්න්ට දේව පූජාවන් පැවත්වීමට අවස්ථාව උදා වී ඇතැයිද කෝවිල නරඹා කිරිබත් පිස දේවියන්ට පූජාකළ බැතිමතුන් පැවසූහ.

රාජ රාජෙස්වරී අම්මාන් කෝවිලේ වන්දනාමාන කිරීමට පැමිණෙන ජනතාවට කෝවිල්ට පමණක් යාමට අවසර ලැබෙන අතර අවට වනාන්ත ප්‍රදේශයට ඇතුලත් වීමට අවසර නොමැති බවටද අරක්ෂක අංශ විසින් ජනතාව දැනුවත් කොට ඇත.

වන්නි රොමේෂ් මධූෂංක
© all rights reserved
Designed by LCN Media