Slider

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දේ..



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර වරාය නීතිගත සංස්ථා සභාපති උපාලි ලියනගේ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ද සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතියි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ මේ බව සඳහන් කරන ලදී.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේල මෙම දූෂණ චෝදනාවට අදාළව එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතාව සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් උපාලි ලියනගේ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවල ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.
© all rights reserved
Designed by LCN Media