Slider

මාලිමා මන්ත‍්‍රී පැදවූ රථයක් අධිබල විදුලි කණුවක හැපේ.. ඔහු රෝහලේ.. ප‍්‍රදේශ රැසක විදුලිය ඇණහිටී…



පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්ද බණ්ඩාර මහතා හෙම්මාතගමදී රිය අනතුරකට ලක්ව ඇත.

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔහු මෙසේ රිය අනතුරට ලක්ව ඇත්තේ 26 රාත්‍රියේ හෙම්මාතගම නගරයේදීය.

අනතුර සිදුව ඇත්තේ මන්ත්‍රීවරයා පදවාගෙන ගිය රථය අධි බලැති විදුලි රැහැනක වැදීමෙනි.

පොලිසිය පැවසුවේ අනතුරෙන් පසු මන්ත්‍රීවරයා මාවනැල්ල රෝහලට ඇතුළත් කරන ලද බවත් එම අවස්ථාවේ වාහනයේ සිට ඇත්තේ රථය ධාවනය කරන ලද මන්ත්‍රීවරයා පමණක් බවය.

රථය ගැටීම හේතුවෙන් විදුලි කණුවට දැඩි හානි සිදු වී ඇති අතර අනතුරෙන් පසු හෙම්මාතගම නගරයේ මෙන්ම අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී තිබින.

විදුලි බිද වැටීම් යථා තත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත.
© all rights reserved
Designed by LCN Media