Slider

සංචාරකයන්ට සැරම සැපක් දෙයි.. කෝච්චි පාරේ පැටෙල් ට්‍රොලි අරඹයි..



ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා අනුරාධපුරය සහ මිහින්තලය අතර, දුම්රිය මාර්ගය ඔස්සේ පැටෙල් ට්‍රොලි (Patel Trolley) සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතිය ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම නව සේවාව සඳහා අනුරාධපුරය සහ මිහින්තලය අතර දුම්රිය මාර්ගය තෝරාගෙන ඇත්තේ, සාමාන්‍යයෙන් මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කරනු ලබන්නේ පොසොන් උත්සව සමයට පමණක් වන බැවිනි.

පැටෙල් ට්‍රොලි සේවාව සඳහා ගාස්තුවක් අයකරන අතර, එමඟින් දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

ලොව බොහෝ රටවල සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය සේවාවක් වන මෙම පැටෙල් ට්‍රොලි, ශ්‍රී ලංකාවේ සංචාරක අත්දැකීම්වලට අලුත් මානයක් එක් කරනු නොඅනුමානයි.
© all rights reserved
Designed by LCN Media