Slider

සිපෙට්කෝ IMF පාරේ පෙරටම.. සේවකයන් දහසක් දොට්ට..



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) සිය බඳවා ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කිරීමේ වැඩසටහනක් යටතේ සේවක සංඛ්‍යාව දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණය කර ඇත. මෙය වසර 35කට පමණ පසු සිදුවන සැලකිය යුතු ප්‍රතිව්‍යුහගතකරණයකි.

සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ, දැනට සංස්ථාවේ සේවක සංඛ්‍යාව තුන්දහසක් පමණ වන බවයි. මෙම සංඛ්‍යාව 2031 වන විට දෙදහස් තිස් එකක් (2031) දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ඔහු අවධාරණය කළේය.

2012 වසරෙන් පසු මේ දක්වාම සේවකයන් 3,000ක් පමණ ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කර ඇති බවත්, නව ක්‍රමවේදය මඟින් අත්‍යවශ්‍ය සේවකයන් පමණක් රඳවා ගන්නා බවත් අධ්‍යක්ෂවරයා පැවසීය. මෙම ක්‍රමවේදය සඳහා දැනටමත් අනුමැතිය ලැබී ඇති අතර, එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම ක්‍රමවේදය තුළින් දැනට සේවය කරන කිසිදු සේවකයෙකුට අසාධාරණයක් නොවන බවයි. ඛනිජ තෙල් සංස්ථාවේ විශාල සේවක පිරිසක් මෙම වසර තුළදී සහ ඉදිරි වසර තුළදී විශ්‍රාම යාමට නියමිත බැවින්, ඔවුන් විශ්‍රාම ගැනීමෙන් පසු එම තනතුරුවලට අලුතින් බඳවා ගැනීම් සිදු නොකරන බව ඔහු පැහැදිලි කළේය.

එමෙන්ම, සංස්ථාවේ ඉදිරියට රඳවා ගනු ලබන්නේ අත්‍යවශ්‍යම සේවකයන් බැවින්, අනෙකුත් සේවකයන්ට අසාධාරණයක් නොවන ආකාරයට ඔවුන්ව වෙනත් රජයේ ආයතනවලට අනුයුක්ත කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
© all rights reserved
Designed by LCN Media