අඩු මිලට ඛනිජ තෙල් නිෂ්පාදන ලබා ගැනීමේ උත්සාහයක් ලෙස, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නයිජීරියාව සහ දකුණු සුඩානය වැනි තෙල් නිපදවන අප්‍රිකානු රටවල බලධාරීන්ට ලිපි යොමු කර තිබුණි.
නයිජීරියානු නිෂ්පාදකයන් සමඟ ගනුදෙනු කරන අදාළ සැපයුම්කරුවන් සමඟ පිරිපහදු කළ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා පූර්ව ලියාපදිංචියක් අවශ්‍ය වන අතර, ඊට දීර්ඝ කාලයක් ගතවේ.
මේ හේතුවෙන් මේ මොහොතේ නයිජීරියාවෙන් තෙල් මිලදී ගැනීමට CPC ට අපහසු වී ඇත.
මේ අතර, දකුණු සුඩානය මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවට ප්‍රතිචාර දක්වා තිබේ.
සුඩාන රජය ඉන්ධන මිලදී ගැනීම් සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට සංචාරයක් සඳහා ආරාධනා කර ඇත.
මෙම සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැත.