විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පදිංචි නිවස ඇතුළු ඔහු රැඳී සිටින ස්ථාන කීපයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පරීක්ෂා කළ ද එම ස්ථාන අතහැර ඔහු පලාගොස් ඇති බව ද ආරංචිමාර්ග පවසයි.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස අල්ලස් කොමිසම රොහාන් ප්‍රේමරත්න මහතාට දැනුම්දී තිබුණ ද ඒ මහතා එම කොමිසම මඟ හැර සිට ඇත. රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අල්ලස් කොමිසම විසින් ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවය.
මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයන් හය දෙනෙකු ඇතුළු අටදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමේදී මෙම මූල්‍ය වංචාව සිදු වී ඇති බව විමර්ශන නිලධාරිහු පවසති.