Slider

රට හොල්ලන ගායකයෙක් ළග ළග අත්අඩංගුවට..



දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන්, ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම ආරක්ෂක අංශවල ඉහළ තනතුරු දැරූ කිහිප දෙනෙකු නුදුරේදීම අත්අඩංගුවට ගැනීම සඳහා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) කඩිනම් විමර්ශන ආරම්භ කර තිබේ.

රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා එල්ල වන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව, අදාළ ගායන ශිල්පියා අත්අඩංගුවට ගැනීමට නියමිත බව CIABOC ආරංචි මාර්ග පවසයි.

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට නියමිත ආරක්ෂක අංශ සාමාජිකයන් අතර, පොලිසියේ ඉහළ තනතුරු දරන නිලධාරීන් මෙන්ම විශ්‍රාමික නිලධාරීන් ද සිටින බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

පසුගිය කාලයේදී මෙම ගායන ශිල්පියා විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයට එරෙහිව සහ විවිධ දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ ආරක්ෂක අංශවල ප්‍රධාන තනතුරු දැරූ කිහිප දෙනෙකුට එරෙහිව පැමිණිලි ලැබී තිබුණත්, ඒවා පිළිබඳ නිසි අයුරින් විමර්ශන කර නොතිබුණි.

ඇතැම් විමර්ශන විවිධ බලපෑම් හේතුවෙන් යටපත් වී තිබුණා. දැන් එම විමර්ශන නැවත ආරම්භ කිරීමත් සමගම, සාක්ෂිකරුවන් රැසක් අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශ ලබා දී තිබෙනවා. ඒ අනුව, විමර්ශනයේදී අනාවරණය වන කරුණු මත අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇත.
© all rights reserved
Designed by LCN Media