අනුරාධපුරදී පැවති මාධ්‍ය හමුවකදී සුගතදාස මහතා එසේ කීය.
අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ හිඟය හා සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් කමිටුවක් පිහිටුවා සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වත්මන් රජය දැනුවත් කිරීම සඳහා අටමස්ථානාධිපති නාහිමියන් වෙතවාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.
මේ මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම අරමුණ බව ද ඒ මහතා කීය.
මේ වන විට රෝහලේ ඖෂධ හා ශල්‍ය උපකරණ මෙන්ම රසායනාගාර පහසුකම් වලද අඩුපාඩු පවතින බවත් මෙයින් රෝගීන්ට දැඩි අපහසුතාවට මුහුණ දීමට සිදුවන බවත් පවසන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, වැඩි දුරටත් කියා සිටියේ රෝහල් පද්ධතියේ නොමැති ඖෂධ හා ශල්‍ය උපකරණ පහසුකම් බාහිරින් ලබා ගැනීමට නියම කිරීමේදී වෛද්‍යවරුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා නොදීමෙන් පැන නගින නීතිමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් අපහසුතාවට පත්වන බවයි.
– අනුරාධපුර විශේෂ බී.ජී. චතුරංග