Slider

ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝග කඩා ප්‍රශ්නගත ඖෂධ සමාගම්වලට මුදල් ගෙවලා..



හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී ගුණාත්මක භාවය පරීක්ෂා නොකොට මෙරටට ගෙන්නන ලද ඖෂධ නිසා මෙරට මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි transperers international ආයතනය හිටපු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව පනවා ඇති මූලික අයිතිවාසිකම් නඩුවක අතුරු තහනම් නියෝග කඩ කර ඇත්දැයි අවධානයට ලක්ව ඇත.

එස් තුරෙරාජා, යසන්ත කෝදාගොඩ, සහ මහින්ද සමය වර්ධන යන ශෙෂ්ටාධිකරණ විනිශ්චකාර තුමන් ඉදිරියෙ SC/FR/ 99/24 අංක දරණ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග වන අතර ඒ සම්බන්ධව පසුගිය නොවැම්බර් මස 4 වන දා අතුරු තහනම් නියෝග ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ සියලු ප්‍රසම්පාදන ක්‍රියාවන් ඖෂධ නියාමන අධිකාරියේ 109 වගන්තිය ප්‍රකාරව සිදුවිය යුතු බවත් ික ප්‍රසම්පාදන කොමිසමේ පූර්ව මාර්ගෝපදේශ වලට යටත්ව පමණක් ප්‍රසම්පාදන ක්‍රියා සිදු විය යුතු බවටත් නියෝගයක් නිකුත් කොට ඇත. කුමන හේතුවක් නිසාවත් එකී මාර්ගෝපදේශ උල්ලංඝනය නොකරන ලෙස මෙහිදී උපදෙස් ලබා දී ඇත.

එසේම හිටපු සෞඛ්‍යා ඇමතිවරයාගේ පාලන කාලයේදී මෙරටට ගෙන්වන ලද සියලුම ඖෂධ සම්බන්ධව ගෙවීම් නිසි විමර්ශන අවසාන වන තුරු අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇත.

එසේම අදාල ඖෂධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පුළුල් විමර්ශනයක් සිදු කොට අධිකරණයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දී ඇත. එම ඖෂධ මිලදී ගැනීමේදී මූල්‍යමය අක්‍රමිකතාවක් හෝ අපරාධනය වරදක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධව වෙනම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත.

මේ අනුව එම කාලසීමාවේදී මිලදී ගන්නා ලද ඖෂධ 150 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙවන් අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇති තත්ත්වයක් යටතේ රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගියදා ප්‍රශ්න සහගත සමහර සමාගම් සඳහා ගෙවීම් කටයුතු සිදුකර ඇති බව මේ වන විට වාර්තා වී ඇති බැවින් ලබා දී ඇති අතර තහනම් නියෝගයකට එරෙහිව එරෙහිව අධිකරණයට අපහාස කිරීමක් කර ඇත්දැයි ඉදිරි විමර්ශන කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙසට දන්වා ඇත.
© all rights reserved
Designed by LCN Media