සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි.
එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය.
එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි.
සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසුවාය.
මේ අතර එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64%ක්ය.
එක් එක් පළාත් අනුව සමත් ප්‍රතිශත
බස්නාහිර - 74.47%
මධ්‍යම - 73.91%
දකුණු - 75.64%
උතුරු - 69.86%
නැගෙනහිර - 74.26%
වයඹ - 71.47%
උතුරු මැද - 70.24%
ඌව - 73.14
සබරගමුව - 73.44%
මේ අතර ගණිතය විෂය 69.07%ක පිරිසක් සමත් වී ඇති අතර, විද්‍යාව විෂය 71.06%ක ප්‍රතිශතයක් සමත් වී තිබේ.
එමෙන්ම ඉංග්‍රීසි විෂයද 73.82%ක පිරිසක් සමත්ව සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය.
විෂයන් අනුව සමත් ප්‍රතිශතය
බුද්ධර්මය 83.21%
ශෛවනෙරි 82.96%
කතෝලික 90.22%
ක්‍රිස්තියානි 91.49%
ඉස්ලාම් 85.45%
ඉංග්‍රීසි 73.82%
සිංහල භාෂාව හා සාහිත්‍ය 87.73%
දෙමළ භාෂාව හා සාහිත්‍ය 87.03%
ඉතිහාසය 82.17%
විද්‍යාව 71.06%
ගණිතය 69.07%