මේ සඳහා රුපියල් මිලියන 6,500ක් (රුපියල් කෝටි 650ක්) වෙන් කර ඇත.
මෙම ණය යෝජනා ක්‍රමය ජූලි 1 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ, සුදුසුකම් ලබන අයදුම්කරුවන්ට සියයට 7ක වාර්ෂික පොලී අනුපාතයකට උපරිම වශයෙන් රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකිය.
ලබා ගන්නා ණය මුදල දින 180ක් (මාස 6ක්) ඇතුළත ආපසු ගෙවා අවසන් කළ යුතු බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.