එහිදි නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,
කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට නිල වශයෙන් නිල නිවසක් ලබා දී ඇති බවය . නමුත් ඔහු කොළඹ 04,ලොරිස් පටුමග, අංක 02 ලිපිනයේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයේ අංක 8/1 දරණ නිවස 2025 ජනවාරි මස සිට බාවිතා කරනු ලබන බවත් එලෙස කිසිම රාජ්‍ය නිළධාරියකුට හෝ දේශපාලඥයකුට නිවාස දෙකක් භාවිතා කල නොහැකි බවත් එය නීති විරෝධි කරුණක් බවත්ය.
මෙය රාජ්‍ය දේපල අවභාවිතාවක් මෙන්ම අපහරනයක් වන අතර පොදු දේපල පනත යටතේ ද 2023 දූෂණ විරෝධි පනත යටතේ ද ගැනෙන වරදක් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
පාර්ලිමේන්තු මහ ලේකම්තුමියගේ අත්සනින් නිකුත් කර ඇති පරිපාලන චක්‍රලේඛ 14/2025 අංක දරණ චක්‍රලේඛනය අනුව කතානායකතුමන්ට නිල වාහන දෙකක් පමණක් භාවිතා කල හැකි බවත් එම වාහන සඳහා ඉන්දන ලීටර් 900 පමණක් ලබා දේ. නමුත් වත්මන් කතානායක ජගත් වික්‍රමරත්න රජයේ වාහන තුනක් භාවිතා කරනු ලබන බවටද තොරතුරු ලැබී ඇත.වෑන් රථය – NC 4923
කාර් රථය – CAN 8753
කාර් රථය – CBI 5198
මෙයද පොදු දේපල පනත යටතේ ද 2023 දූෂණ විරෝධි පනත යටතේ ද ගැනෙන වරදකි.
එමෙන්ම කතානායකතුමන්ගේ පෞද්ගලික ලේකම්ට ද ඔහු භාවිතා කරන ලොරිස් පටුමග නිල නිවසේම නවාතැන් ලබා දී ඇති අතර පෞද්ගලික ලේකම්තුමන්ට දිවා අහාර සැපයීම සිදු කරනු ලබන්නේ පාර්ලිමේන්තු වියදමින් බවටද අපට තොරතුරු ලැබී ඇත. මෙයද නීති විරෝධි ක්‍රියාවකි.
තවද පෞද්ගලික ලේකම්ට නිල වාහන ඉන්දන ලබා දී තිබියද ඔහු භාවිතා කරනු ලබන්නේ කතානායකතුමන් භාවිතා කරන නිල වාහනම වේ.
මෙලෙස වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ කතානායකතුමන් විසින් සිදුකරන දූෂණ විරෝධි ක්‍රියාපිළිබඳව හා අවභාවිතා කරන මහජන මුදල් පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් සිදු කර මේ කරුණු පිළිබඳව සත්‍ය රටට හෙළි කරන ලෙස ඉල්ලා අද දින අල්ලස් හා දූෂණ කොමිසම් සභාවේ සභාපතිතුමන්ට පැමිණිල්ලක් නව ජනතා පෙරමුණ විසින් බාර දුන් බව ප්‍රකාශ කරන ලදී.