Slider

පොලිසිය නොමිලේ ආහාර ඉල්ලා කරදර කරන චෝදනාවට පොලිසියෙන් නිවේදනයක්…



පොලිසිය නොමිලේ ආහාරපාන ඉල්ලාගෙන එන අවස්ථාවල එසේ නොදීම හේතුවෙන් පොලිසියෙන් බලපෑම් සිදුවන බවට බත්තරමුල්ලල පැලවත්තේ ප‍්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

2025.07.25 වන දින තලංගම පොලිස් වසමේ පන්නිපිටිය පාර, පැලවත්ත ලිපිනයේ පිහිටි හෝටලයක සේවය කරන සේවකයෙකුගේ මුදල් හා රන් භාන්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාලව එම සිදුවීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම සඳහා නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී එම හෝටලය වෙතගොස් ඇත.

එම අවස්ථාවේදී විවිධ පුද්ගලයින් හෝටලය ඉදිරිපිට පදිකවේදිකාවේ දුම්වැටි භාවිතා කරමින් සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් සම්බන්ධව සී. සී. ටීවී. දර්ශන සමාජ මාධ්‍ය වෙත වෙනත් ආකාරයක අදහසක් දක්වමින් මුදාහැර ඇත.

මෙම දර්ශණය වන වීඩියෝ පටයේ සඳහන් පරිදි පොලිසිය සන්තෝසම් ලබා නොදීමක් සම්බන්ධයෙන් යම් අනීතික ක්‍රියාවක් සිදු කිරීමක් සිදු වන්නේ නම් ඒ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා හැකියාවක් ඇති අතර එසේ මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධව කවර තරාතිරමක නිලධාරීයෙකු වුවද නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කිසි විටකත් පසුබට නොවන බව අවධාරණය කරනු ලැබේ.
© all rights reserved
Designed by LCN Media