මෙම පුවත මෙරට පොලීසිය විසින් පසුව තහවුරු කරන ලදී.
ඒ අනුව, ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මැලේසියාවටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර හැරීමට පියවර ගැනුණි.
කෙසේ වෙතත්, නවතම පොලිස් ආරංචි මාර්ග අනුව, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අත්අඩංගුවට ගත් තිදෙනා මැලේසියානු පොලිස් භාරයෙන් පලා ගොස් ඇත.
ඒ අනුව, ඔවුන් ගෙන්වා ගැනීමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී නැවත මෙරටට පැමිණීමට නියමිත බව ද වාර්තා වේ.