Slider

විදේශ සංචිතය මිලියන 206කින් පහල වැටේ..



2025 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල අගය ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080 දක්වා පහත වැටී තිබේ.

මෙම අගය 2025 මැයි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6,286 ට සාපේක්ෂව සියයට 3.3 ක පහළ යාමකි. ඒ අනුව, පසුගිය ජුනි මාසය තුළ දී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් මිලියන 206 කින් අඩුවී ඇත.

මෙම පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,231 සිට ඩොලර් මිලියන 6,023 දක්වා අඩු වීමයි.
© all rights reserved
Designed by LCN Media