අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිරීප පීරිස් මහතා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක සාක්ෂි විභාගයට පෙනී සිටින බවට කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය කල් තැබීමට නියෝග කළේය.
මෙම නඩුව පවරා ඇත්තේ එච්. චමින්ද නමැති පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගිනි.
ශෂී වීරවංශ මහත්මියට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, 2010 ඔක්තෝබර් 13 දින රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඇතුළු ලිපි ලේඛන සහිත අයදුම්පතක් ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනි.