Slider

ඖෂධ හිඟය 2025 අවසානය තෙක්.. පුද්ගලික ඔසුසැල්වලත් සැපයුම 30%ක් වැටේ..



ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟය 2025 වසර අවසානය වනතුරුත් පැවතිය හැකි බවට වාර්තා වේ.

දැනට හිඟව පවතින ඖෂධ වර්ග 56 ක් සඳහා පමණක් ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස නවයක පමණ ප්‍රමාදයක් අපේක්ෂා කරන බැවින්, නව ඖෂධ තොග ලැබීමට 2025 අග භාගය දක්වා කල් ගත විය හැකි බව සෞඛ්‍ය අංශ ගණන් බලා තිබේ.

වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ 2025 පෙබරවාරි මාසික වාර්තාවට අනුව, අත්‍යවශ්‍ය ඖෂධ 333 ක තොග මේ වන විට නොමැති බවට වාර්තා වී ඇත.

විශේෂයෙන්ම පිළිකා, දියවැඩියාව, අපස්මාරය සහ මානසික රෝග වැනි නිදන්ගත හා බරපතළ රෝග සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම රෝහල්වල හිඟ වී තිබේ.

තවද, පිළිකා ඖෂධ, ඉන්සියුලින් සහ ජීවනී ඇතුළු තවත් බොහෝ ඖෂධ මිලදී ගැනීමට නොමැති වීම හෝ ඉතා අධික මිලකට අලෙවි වීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටිති.

පුද්ගලික අංශයේ ඖෂධ සැපයුම 30% කට වඩා පහත වැටී ඇති අතර, බොහෝ ඔසුසල්වලට පවතින ඉල්ලුම සපුරාලීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.
© all rights reserved
Designed by LCN Media