දෙපාර්ශවය අතර තවදුරටත් සාකච්ඡා පවත්වාගෙන යන බවත් අවසන් එකඟතා ගිවිසුමකට එළඹුණු පසු එකී කාරණා හෙළි කළ හැකි බවද හෙතෙම පැවසුවේය.
ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ගවලින් 1161කින් 42ක් වන කෘෂිකාර්මික භාණ්ඩවලින් 80% ප්‍රමාණයක් සඳහා සියයට බින්දුවක් දක්වා වන තීරු බද්දක් ලබා ගැනීමට හැකිවනු ඇති බව දැනට පැවැත්වෙන සාකච්ඡා මත පැවසිය හැකි බවද ඔහු පැවසීය.
ඇමෙරිකාවෙන් මෙරටට ආනයනය කරන භාණ්ඩවල සම්පූර්ණ වටිනාකම ඩොලර් මිලියන 300 ක් පමණ වන බව පැවසූ ඔහු එම භාණ්ඩවල තීරුබදු අනුපාතයන් පහළ හෙළුවා කියා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් සිදු නොවනු ඇති බවද හෙතෙම කියා සිටියේය.
දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.