මෙම වැඩසටහන යටතේ,ජල මූලාශ්‍රවල තිරසර බව රැක ගනිමින් සංවර්ධන කාර්යයන් සිදුකිරීම පහසු කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රමුඛතාව අනුව තෝරා ගැනෙනවා.
මෙහිදී ප්‍රධාන වැව්වල සීමාවන් පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් භූමියෙහි සලකුණු කෙරේ.
එසේ සලකුණු කරනු ලබන වැවෙහි මායිමද ඇතුළත්ව වැව තිරසරව පවත්වා ගැනීම සඳහා සංරක්ෂණ කිරීමට නියමිතයි.
අදාළ වන ප්‍රදේශයක් හඳුනා ගැනීම හා එම ප්‍රදේශය ආශ්‍රිතව සුදුසු පරිදි සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් රුක් රෝපණය කිරීමත් සිදු කිරීමට නියමිතව ඇත.