Slider

අරගල නායකයෙක් CID කැදවයි.. ඔහු ඇමති රැසක නම් කියයි…



ගාලු මුවදොර අරගලයේ පෙරමුණේ සිටි ක්‍රියාකාරිකයෙකු වන කැලුම් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට අද පෙරවරුවේ කැඳවා තිබුණි.

ජනාධිපති අනුර දිසානායක මහතාට ග්‍රීසියේ ආයෝජන ඇති බවට තුසිත හල්ලොලුව මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමරසිංහ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා ග්‍රීසියේ සමාගමක ආයෝජනය කළ බවට තමන් විසින් පැවසූ බව තුසිත හල්ලොලුව මහතා ප්‍රකාශ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තමන්ව කැඳවූ බවත්ය.

තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු ප්‍රසිද්ධ මාධ්‍යයක සිදු කර නොමැති බවත්, මිතුරන් සමඟ සිදු කරන සාකච්ඡාවලදී එවැනි තොරතුරු හුවමාරු වන නමුත් ඒවා සනාථ කළ හැකි හෝ ඔප්පු කළ හැකි තොරතුරු නොවන බවත් හෙතෙම පැහැදිලි කළේය.

මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවත්, එහිදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ නම් පවා සඳහන් කිරීමට සිදුවූ බවත් අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය



© all rights reserved
Designed by LCN Media