කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ අගමැතිනියගේ ප්‍රකාශය නිවැරදි කළ හැක්කේ අගමැතිනියටම හෝ ජනාධිපතිවරයාට බවයි.
කිසිම රටක, කිසිම කලක, අගමැතිවරයෙකුගේ ප්‍රකාශයක් කනිෂ්ඨ ඇමතිවරයෙකු විසින් නිවැරදි කර නොමැති බවද ඔහු සඳහන් කළේය.
අගමැතිනිය ඉවත් කර ජවිපෙන් අගමැති තනතුරට ඇමති බිමල් රත්නායක මහතා පත් කරගැනීමට බලාපොරොත්තු වන බවට ගම්මන්පිල මහතා පැවසීය.
ඒ අනුවජවිපෙ නායකයින් අද උත්සාහ කරන්නේ අගමැතිනියට ප්‍රහාර එල්ල කර කලකිරීමට පත් කර, අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන තැනට ඇය තල්ලු කරගැනීමට බවය.