පේරාදෙණිය විශ්වවිද්‍යාල හොකී පිටියේදී විද්‍යාර්ථ විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති මෙම තරගයේදී, ශාන්ත තෝමස් කණ්ඩායමේ ක්‍රීඩකයන් විද්‍යාර්ථ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පහරදීමක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම පහරදීම සඳහා හොකී පිති ද භාවිතා කර ඇති අතර, විද්‍යාර්ථ ක්‍රීඩකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ ක්‍රීඩකයන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් ක්‍රීඩකයෙකුගේ හිසට මැහුම් යොදා ඇති බව සඳහන් වේ.
විද්‍යාර්ථ විද්‍යාලයේ හොකී පුහුණුකරු ගයාන් ධර්මරත්න මහතා ප්‍රකාශ කළේ, තරගය ආරම්භ වී මිනිත්තු 12කට පමණ පසු විද්‍යාර්ථ කණ්ඩායම විසින් ගෝලයක් ලබාගැනීමත් සමඟ මෙම පහරදීම සිදුව ඇති බවයි.