Slider

ලසන්ත ඝාතනයේ විමර්ෂණ අවසන්.. ලිපිගොනු නීතිපතිට..



මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන අවසන් කර ඇති බව පාර්ලිමේන්තුව අමතමින් මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

අදාළ විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත්, ඒ අනුව වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී තිබූ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන නැවත ආරම්භ කරන ලද්දේ වත්මන් රජය විසින් බවයි.

තවද, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග වෙමින් පවතින බවත්, එම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට චෝදනා ලැබූ බ්‍රිගේඩියර්වරයකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු පැහැදිලි කළේය.
© all rights reserved
Designed by LCN Media