Slider

මන්නාරම් තෙල් ගොඩගන්න සූදානම්…



තෙල් කැණීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ තිබූ අත්තනෝමතික තත්ත්වය වෙනස් කොට, අලුතින් එම කටයුතු ප්‍රවර්ධනය කිරීමටත්, එම කටයුතුවලදී සිදු වී ඇති දූෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය කිරීමටත් රජය තීරණය කර තිබේ.

මෙහි ආරම්භක පියවර වශයෙන් තෙල් කැණීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවා ඇත. එහි ටෙන්ඩර් කැඳවීමේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන් වුවද, යළිත් එය දීර්ඝ කර තිබේ.

මේ අතර තෙල් කැණීම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, බලශක්ති අමාත්‍යාංශයේ හිටපු බලධාරීන් විසින් මන්නාරම් ද්‍රෝණියේ සහ කාවේරි ද්‍රෝණියේ එම කැණීම් කොටස් වෙන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව වෙනම විමර්ශනයක් පැවැත්වීමටද නියමිතය. නඩුවට පෙර එහි පැවැති කොටස් 15 වෙනස් කොට, අතුරු තහනම් නියෝගයට පිටින් යමින් එය කොටස් 500කට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩි කර ඇත.

ශ්‍රී ලංකාව අවට මුහුදේ තෙල් ඇති බවට දශක ගණනාවක් තිස්සේ වාර්තා පළ වූ අතර, පසුගිය කාලයේදී ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සම හිමිකාරිත්වය සහිත සමාගමක් මැදිහත් වී පර්යේෂණ පැවැත්වීය. ඉන් පසු එම සමාගමට ලබාදුන් අවසර පත්‍ර හදිසියේ වෙනස් කෙරිණි. මේ හේතුව නිසා අදාළ සමාගම අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූ අතර, එම නඩුවේදී අදාළ තහනම් නියෝගය දෙනු ලැබීය.
© all rights reserved
Designed by LCN Media