“මේ සඳහා අනුමැතිය ලබාදෙන්නේ 2024 අප්‍රේල් මාසයේදී, එවකට දේශීය වෛද්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කළ සිසිර ජයකොඩි අමාත්‍යවරයාගේ කාලයේදී. මේ සඳහා වන රෙගුලාසි සකස් කරලා තියෙනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලය සම්බන්ධ කරගෙන මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්. නමුත් පහුගිය කාලයේදී මෙවැනි ආයෝජකයින් 7 දෙනෙක් පැමිණියත් මේ සඳහා වෙච්ච ක්‍රමවේදයේ තිබුණු අඩුපාඩුකම් නිසා කාලයක් ගතවෙලා තිබුණා.මේකට ආයෝජන දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගත යුතුයි. තවත් ආයතන කිහිපයක් තිබෙනවා පරිසර අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය වගේ. එතකොට අපි ඒ අඩුපාඩුකම් සාකච්ඡා කරලා – මොකද මේක ආයෝජනයක් හැටියට ලංකාවට එන්නෙ, අනිත් පැත්තෙන් අවසරය ලැබෙන්නේ ඉතාම දැඩි ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ මේ වගාවේ සියලුම කොටස් අපනයනය සඳහා තමයි.
මේක පළවෙනි වතාවට මේ ආකාරයට කටයුතු සිදුවෙන්නේ මේ විදියට. ඒ කියන්නෙ රජයේ නියාමනයට යටත්ව අපනයනය සඳහා ආයෝජකයින්ට අවස්ථාව ලබාදෙන්නෙ. මේ ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලය සහ ආයෝජන දෙපාර්තමේන්තුව එකතුව ක්‍රියාත්මක කරමින් පවතිනවා.”
අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේ (12) කැබිනට් මාධ්‍ය හමුවේදීය.